වසර 70කට පසු සෞදියට මත්පැන් හළක්

වසර 70කට පසු සෞදියට මත්පැන් හළක්

වසර 70කට වැඩි කාලයකට පසු සෞදි අරාබිය තුළ මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙය මුස්ලිම් නොවන රාජ්‍ය තාන්ත්‍රික විදේශිකයින් හට පමණක් සීමාවන මත්පැන් අලෙවිසැලක් වන අතර එය රියාද් නගරයේ දී විවෘත කිරීමට නියමිතය.

එරට සේවය කරන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වසර ගණනාවක් පුරාවට සිය රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද භාවිතාකරමින් මුද්‍රා තැබූ නිල පැකේජ ලෙස මත්පැන් එරටට ගෙන ඒමට කටයුතු කර ඇති බවත්, එසේ නීති විරෝධී අයුරින් රට තුළට සිදුකෙරන මත්පැන් ආනයනය නැවැත්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවත් සෞදා බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

සෞදියේ මත්පැන් තහනමක් සිදුවූයේ 1950 වසරේදීය.

එදා සෞදියේ රජු වූයේ බ්දුල්ලාසීස්ය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 1952 වසරේ දී එරට අබ්දුල්අසීස් රජුගේ පුත්‍රයෙකු බීමතින් බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු එරට මත්පැන් තහනම එතැන් සිට නීතියක් ලෙසින් ක්‍රියාත්මක බවයි.

මේවනවිට සෞදිය, සංචාරක මෙන්ම ව්‍යාපාරික ගමනාන්තයක් බවට පත් කිරීමට ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු පියවර ගෙන ඇත. මත්පැන් අලෙවිසැල විවෘත වූයේ එම වැඩපිළිවෙළට සමගාමීවය.

Why Saudi Arabia Banned Alcohol? Was It Islam or... | World News - Times of  India

Share This