ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද

ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද

වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (30) විථි සංචාරය කිරීමට නියමිතයි.

දියවඩන නිලමේවරයා සඳහන් කර සිටියේ ශ්‍රී දළදා මාලිගාවේ උතුරු දිසාවෙන් රාත්‍රී 7.03ට ගමන් අරඹන ඇසළ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ගෙවැදීමට නියමිත බවයි.

පසුව සිවු මහා දේවාලවල දේව පුජා පවත්වන අතර අලුයම් කාලයේදී දිය කැපුම් මංගල්‍යය සඳහා කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ තොටට යාම සිදු වෙනවා.

ඒ අනුව හෙට (31) අලුයම් කාලයේදී දිය කැපුම් මංගල්‍යය සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.