බාබර් අසාම්ට දඩයක්

බාබර් අසාම්ට දඩයක්

පාකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම්ට දඩ මුදලක් පැනවීමට ලාහෝර් පොලීසිය කටයුතු කර තිබේ.

ඒ, අධිවේගී මාර්ගයක නියමිත වේග සීමාව ඉක්මවා මෝටර් රථයක් ධාවනය කිරීමේ වරද සම්බන්ධයෙනි.

ඒ, අනුව බාබර් අසාම්ට පාකිස්ථානු රුපියල් දෙදහසක මුදලක් දඩ වශයෙන් නියම කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (25) දිනයේ දී එරට පොලිසිය විසින් ඔහුට මෙලෙස දඩයක් නියම කර තිබේ.

Share This