බැංකු ණය පොලී අනුපාතිකය පහළට

බැංකු ණය පොලී අනුපාතිකය පහළට

පසුගිය සතිය වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් (Average Weighted Prime Lending Rate – AWPR) 15% මට්ටමෙන් පහළ පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ පසුගිය සතියේ දී එය 14.81% මට්ටමට පැමිණ ඇති බවත් ඊට පෙර සතියේ දී එම අනුපාතිකය පැවතියේ 15.21% මට්ටමේ බවත් ය.

වසරකට පෙර මෙම අනුපාතිකය 26.89% ක් තරම් ඉහළ මට්ටමකට ගොස් තිබුණි.

මීට සමගාමීව මෙරට ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයකම, බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකයන් 15% මට්ටමෙන් පහළ පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ.

ඒ අනුව මහජන බැංකුව – 14.36% ක්, හැටන් නැෂනල් බැංකුව – 14.87% ක්, කොමර්ෂල් බැංකුව – 14.06% ක්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව – 14.96% ක් සහ අමානා බැංකුව – 14.46% ක් ලෙසින්, බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය 15% ට වඩා අඩු මට්ටමක පවතින වානිජ බැංකු ලෙසින් සඳහන් කළ හැකිය.

Share This