ජපානයේ බුලට් දුම්රියක් තුළ රෙස්ලින් තරඟයක්

ජපානයේ බුලට් දුම්රියක් තුළ රෙස්ලින් තරඟයක්

ජපානයේ අධිවේගී බුලට් දුම්රියක් තුළ රෙස්ලින් තරඟයක් පවත්වා ඇත. එම දුම්රිය ටෝකියෝ සිට නගෝයා දක්වා ධාවනය වන අතරතුර මෙම තරඟය පැවැත්වීම විශේෂත්වයකි.

මෙම තරඟය නැරඹීම සඳහා නිකුත් කළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වී තිබේ.මිනෝරු සුසුකි සහ සන්ශිරෝ ටකාගි යන රෙස්ලින්ග් ක්‍රීඩකයන් අතර මෙම තරඟය පවත්වා ඇත.

විනාඩි 30 ක් පුරා පැවති රෙස්ලින්ග් තරඟය නැරඹීම සඳහා 75 දෙනෙකු පමණ සහභාගී වී තිබේ.

ධාවනය වන බුලට් දුම්රියක් තුළ රෙස්ලින්ග් ක්‍රීඩකයන් දෙදෙනා ඔවුන්ගේ හැකියාවන් මනාව ප්‍රදර්ශනය කළ බව තරඟය නැරඹු ප්‍රේක්ෂකයන් ප්‍රකාශ කර ඇත.

තරඟයේ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත උඩුගත කර ඇති අතර එම වීඩියෝවට විශාල ප්‍රතිචාර සංඛ්‍යාවක් මේ වන විට ලැබී තිබේ.බුලට් දුම්රියක් පැයට කිලෝ මීටර 300 ක පමණ වේගයකින් ධාවනය වේ.

Share This