web hit counter
අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩිකෙරේ

අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩිකෙරේ

නව සමාජ ගොඩනැගීමේ කොටසක් ලෙස අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් සංවිධානය කළ අයවැය 2024 විද්වත් කතිකාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

රට මුහුණ දුන් ආර්ථික අර්බුදය එක් අයවැයකින් විසඳීමට හෝ නොසළකා හැරීමට ද නොහැකි බැවින් එම තත්ත්වයට මුහුණදීමට රට සූදානම් කළ යුතු බවත් රජය මේ මොහොතේ ඉටුකරමින් සිටින්නේ එම කර්තව්‍ය බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )