රුපියල් 1650ක බිල නොගෙවා යකා නැටූ සමන් ද සිල්වා රුපියල් 25000 ක් දී සමාදාන වෙයි

රුපියල් 1650ක බිල නොගෙවා යකා නැටූ සමන් ද සිල්වා රුපියල් 25000 ක් දී සමාදාන වෙයි

පානදුර වලාන ගාලුපාරේ හෝටලයක පසුගිය (01) වනදා රාත්‍රි ආහාර පාන ලබාගෙන එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ලද පැමිණිල්ලක් මත චෝදනා එල්ලවී සිටී ජනප්‍රිය ගායක සමන් ද සිල්වා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රුපියල් 25,000 ක මුදලක් ලබාදී සිද්ධිය සමතයකට පත්කර ගැනීමට අද (03) එකඟවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි.

පැමිණිලි පාර්ශවය මුදල් ලබාගැනීමෙන් පසු පැමිණිල්ල තවදුරටත් විභාග කිරීමට අවශ්‍ය නොවන බව දැනුම් දී ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව දෙපාර්ශවයට අවවාද කර පිටත්කර යැවූ බවද උසස් පොලිස් නිළධාරීයෙක් පැවසිය.

ජනප්‍රිය ගායක සමන් ද සිල්වා ඉකුත් 01 වන දා රාත්‍රියේ මිතුරන් පිරිසක් සමග පානදුර වලාන ප්‍රදේශයේ අවන්හලකට ගොස් පරාටා 20ක්, උම්බලකඩ සම්බෝලයක්, පරිප්පු කරියක්, කොත්තු සහ කුකුළු මස් කරියක් ආහාරයට ගෙන ඇත.

ඉන් පසු බිල්පත නිරවුල් කිරීමේදී ඇතිවූ කතාබහකින් පසු එහි මුදල් අයකැමි වරයාට සහ වේටර් වරයෙකුට පහරදී ප්ලාස්ටික් පුටු දෙකකට හානිකර ඇති බවට පැමිණිල්ලේ සදහන් බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමන් ද සිල්වා සදහන් කළේ, එය මාධ්‍ය මගින් ප්‍රචාරය කල පරිදි සිදුවීමක් නොවන බවත් රුපියල් 25,000 ක් ලබාදී දෙපාර්ශවය සමතයකට පත්වූ බවත්ය.

Share This