ලේඛනගත පාතාල අපරාධකරුවන් 10ක් අත්අඩංගුවට

ලේඛනගත පාතාල අපරාධකරුවන් 10ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ ලේඛනගත පාතාල අපරාධකරුවන් 10ක් විශේෂ මෙහෙයුම් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වන විට අලුතින් පිහිටුවන ලද කණ්ඩායම් 20 මඟින් ලේඛනගත පාතාල අපරාධකරුවන් 446 දෙනෙකු අතරින් අපරාධකරුවන් 80 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන් 80 දෙනා අතරින් සැකකරුවන් 53 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.