ඉන්දියානු බිත්තර ආනයනය සීමා කෙරේ

ඉන්දියානු බිත්තර ආනයනය සීමා කෙරේ

අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයන කිරීමේ කටයුතු සීමා කර තිබේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, බිත්තර මිලියන 4 – 5 ප්‍රමාණයක් ගබඩා තුළ පවතින බවයි.

දිනකට බිත්තර ලක්ෂ 5 බැගින් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කරන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

මේ වන විට ආනයනික ඉන්දියානු බිත්තරයක මිල රුපියල් 43 කි.