ත්‍යාග ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය යෙදවුම් හරහා පුද්ගල තොරතුරු ලබාගැනීමේ සිද්ධි ඉහළට

ත්‍යාග ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය යෙදවුම් හරහා පුද්ගල තොරතුරු ලබාගැනීමේ සිද්ධි ඉහළට

උත්සව සමය තුළ ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් සමාජ මාධ්‍ය යෙදවුම් හරහා පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

නොමිලේ ත්‍යාග හිමිවන බවට පවසමින් ජංගම දුරකථනවලට කෙටි පණිවුඩ යොමුකරමින් අදාළ දත්ත ලබාගැනීම සිදුවන බවයි, එම සංගමයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක ධම්මපොල මහතා සඳහන් කළේ.

මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල පමණක් ඒ සම්බන්ධ පැමිණිලි 200 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ධම්මපොල මහතා වැඩිදුරටත් පැවසීය.