අපරාධයක් සඳහා යමින් සිටියදී පොලිස් නිලධාරීන්ට පහර දුන් 4ක් අත්අඩංගුවට

අපරාධයක් සඳහා යමින් සිටියදී පොලිස් නිලධාරීන්ට පහර දුන් 4ක් අත්අඩංගුවට

කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා යමින් සිටි ත්‍රීරෝද රථ දෙකක් පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී නිල ඇඳුම් ඉරා දමා පලායාමට සූදානම් වූ පුද්ගලයින් සිව් දෙනෙකු කඩු පොලු සමග අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි19, 27, 28 සහ 29 හැවිරිදි පුද්ගලයින් බව පොලිසිය කීය.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී අලුත්ගම දර්ගා නගරයේ දී සැකකරුවන් හය දෙනෙකු පැමිණි ත්‍රී රෝද රථ දෙක නවතා පරීක්ෂා කිරීමට සූදානම් වීමේදී ඇතිවූ බහින් බස්වීමකින් පසු පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් නිලධාරීන්ට පහර දෙන අවස්ථාවේ අවට සිටි පිරිස් සැකකරුවන් සිව් දෙනෙකු අල්ලා පොලිසියට භාරදී ඇති බවත්, තවත් දෙදෙනෙකු පලා ගොස් ඇති බවත් සඳහන් වේ.

 

Share This