දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනපති අතින් විවෘත කෙරේ

දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනපති අතින් විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල, කරාපිටියේ ඉදිකළ ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර විවෘත කර තිබේ.

මහල් හයකින් යුක්ත මෙම රෝහල ඇඳන් 640කින්, ශල්‍යාගාර හයකින් සමන්විත වන අතර හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා රෝග ඒකක ඇතුළු සියලුම නවීන වෛද්‍ය පහසුකම්වලින් යුක්තය.

නවීන පහසුකම් සහිතව ඉදිකර ඇති මෙම නව රෝහල ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ කැපී පෙනෙන දියුණුවක් සනිටුහන් කරනු ඇති බවයි වාර්තා වන්නේ.