ශ්‍රී ලංකාවට ආවේණික නව කණාමැදිරි විශේෂ 2 ක් සොයා ගැනේ

ශ්‍රී ලංකාවට ආවේණික නව කණාමැදිරි විශේෂ 2 ක් සොයා ගැනේ

ශ්‍රී ලංකාවට ආවේණික නව කණාමැදිරි විශේෂ 2 ක් සොයා ගැනීමට රුහුණු විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ.

‘Pygoluciola’ ගණයට අයත් නව කණාමැදිරියන් විශේෂ 2ක සොයා ගැනීම සිදු කර ඇත්තේ, රුහුණු විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ධම්මික විජේකෝන්, දිල්ශාන් ද සිල්වා, තිසර ඉෂාන් සහ මහාචාර්ය හේමන්තා වේගිරිය ඇතුළු කණ්ඩායම විසිනි.

2009 වසරේ සිට කළ පර්යේෂණ වලින් වලස්මුල්ල, රම්මලේ වනාන්තරය ආශ්‍රිතව මෙම කණාමැදිරි විශේෂ දෙක හඳුනා ගත් බවයි, ආචාර්ය ධම්මික විජේකෝන් මහතා සඳහන් කළේ.

ඉන් එක් විශේෂයක් රුහුණ විශ්ව විද්‍යාලය නමින්ද (𝑷𝒚𝒈𝒐𝒍𝒖𝒄𝒊𝒐𝒍𝒂 𝒓𝒖𝒉𝒖𝒏𝒂) අනික් විශේෂය රම්මලේ වනාන්තරය නමින්ද (𝑷𝒚𝒈𝒐𝒍𝒖𝒄𝒊𝒐𝒍𝒂 𝒓𝒂𝒎𝒎𝒂𝒍𝒆) නම් කර ඇත.

Share This