රන් බිස්කට් යැයි පවසා ලයිටර් අලෙවිකර ලක්ෂ 10කට විදලා

රන් බිස්කට් යැයි පවසා ලයිටර් අලෙවිකර ලක්ෂ 10කට විදලා

විදේශ රටකින් ගෙනෙන ලද රන් බිස්කට් යැයි පවසමින් වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ පුද්ගලයෙක්ට රුපියල් ලක්ෂ දහයකට විදේස් රටක ලයිටර් වර්ගයක් අලෙවිකර මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තර්ජාලය හරහා රන් බිස්කට් වල ඡායාරූප ලබාගෙන එය ගැනුම්කරුවන්ට පෙන්වා වැඩි මුදලට අලෙවි කර ඇතැයිද, ඒවා රන් බිස්කට් හැඩයට හා රූපයට සමාන විදේශ රටක ලයිටර් වර්ගයක් බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්පොළ පුස්සල්ලාව වහුගපිටිය හා හෙල්බොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

මොවුන් මේ ආකාරයට රට පුරා යමින් ව්‍යාපාරිකයින් මුදල් ඇති පුද්ගලයින් පුද්ගලයන් මිතුරු කරගෙන මෙම ව්‍යාජ රන් බිස්කට් ජාවාරමට හසු කරගෙන තිබේන බව පොලිසිය සඳහන් කරයි.

රන් බිස්කට් යැයි පවසා පෙන්වා තිබූ රන් පැහැති ලයිටරයක් හා විදේශ මුදල් නෝට්ටු කිහිපයක් සමග එම භාණ්ඩ එක් සැකකරුවකුගේ ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල අඩි තුනක් පමණ යට වලක් කපා එහි වළදමා තිබියදී පොලිසිය සොයාගෙන තිබුණි.

Share This