විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල ප්‍රහාර

විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල ප්‍රහාර

බත්තරමුල්ල පොල්දූව හන්දිය අසල විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් පිරිසක් පැවැත්වූ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

වසර 08ක් පුරා පවතින වැටුප් කප්පාදුව, මාසික හිලව් දීමනාව වැනි ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම උද්ඝෝෂණය පවත්වා තිබේ.

විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ අදට දවස් 12ට පෙර සිටයි.