කාන්තාවක් සහ දරු දෙදෙනෙක් පැහැරගෙන යමින් සිටි දෙකක් අත්අඩංගුවට

කාන්තාවක් සහ දරු දෙදෙනෙක් පැහැරගෙන යමින් සිටි දෙකක් අත්අඩංගුවට

දක්ෂිණ අධිවේයේ ගැලනිගම මාතර දෙසට ඇතුල්වීමේ දොරටුව අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකුගේ ක්ෂණික ක්‍රියාත්මක වීමෙන් පැහැරගෙන යමින් සිටි තිස් හත්හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ වයස අවුරුදු 7 හා 15 දරු දෙදෙනා සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතර කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා ද වන බව පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ තිබූ මන්නයක් ද පොලිස් භාරයට ගෙනතිබේ.

පැහැරගැනීමට ලක්වූ කාන්තාවගේ පළමු සැමියා මිය යාමෙන් අනතුරුව දෙවන සැමියා ලෙස නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පුද්ගලයකු සමඟ කාලයක් ගත කර දෙදෙනා අතර ඇතිවූ අමනාපයක් මත වෙන්වී තෙවන සැමියා වන ප්‍රධාන සැකකරු සමඟ නීත්‍යානුකූලව විවාහ වී ගාල්ල තල්පේ ප්‍රදේශයේ පදිංචිව සිට තිබේ.

අනතුරුව එම පුද්ගලයා සමගද අමනාප වූ කාන්තාව දරු දෙදෙනා සමඟ බණ්ඩාරගම ගුන් ගුමුව නිවසට පැමිණ සිටියදී ප්‍රධාන සැකකරු ඔහුගේ මිතුරකු සමඟ මෝටර් රථයෙන් එම නිවසට කඩා වැදී තර්ජනය කර එම කාන්තාව සහ දරු දෙදෙනා පැහැරගෙන මෝටර් රථයේ නංවාගෙන අධිවේගී මාර්ග ඔස්සේ මාතර දෙසට යාම සඳහා පැමිණ ප්‍රවේශ පත්‍රය ලබා ගැනීම සඳහා පිවිසුම අසල නතර කිරීමේදී “මාව බේරා ගන්න” යෑයි යැයි මහ හයියෙන් කාන්තාවක් කෑගසන හඬ ඇසුණු පොලිස් සැරයන්වරයා වහා ක්‍රියාත්මක වී මෝටර් රථය නවතා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යුහුසුළු වී ඇතැයි පොලිසිය කීවේය.

Share This