පොළොන්නරුව – මනම්පිටිය අතර දුම්රිය හරස් මාර්ගයක් දින 03කට වහයි

පොළොන්නරුව – මනම්පිටිය අතර දුම්රිය හරස් මාර්ගයක් දින 03කට වහයි

පොළොන්නරුව සහ මනම්පිටිය දුම්රිය ස්ථාන අතර සැ.160 දම්. 69 දරණ ස්ථානයේ “මානික්කම් පට්ටිය” මාර්ගයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මේ මස 10 වැනිදා සිට 13 වැනිදා දක්වා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, මේ මස 10 වනදා පෙ.ව 07.00 සිට 11 වනදා ප.ව 02.30 දක්වා අර්ධ වශයෙන් ද 12 වනදා පෙ.ව 07.00 සිට 13 වනදා ප.ව 08.30 තෙක් සම්පූර්ණ වශයෙන් ද මෙම හරස් මාර්ගය වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම කාලය තුළ දුම්රිය සැ. 160 දම්. 42 දරණ ස්ථානයේ පිහිටි ‘මුස්ලිම් කොළණිය’ පාර දුම්රිය හරස් මාර්ග ඔස්සේ වාහන ධාවනය කළ හැකි බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

 

 

 

 

Share This