සුරාසැල් දින හතරකට වැසේ – වැසෙන දින මෙන්න

සුරාසැල් දින හතරකට වැසේ – වැසෙන දින මෙන්න

වෙසක් පුන් පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, එළෙඹෙන 23 සහ 24 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් හා මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීම හේතුවෙන් මාතලේ නගර සීමාව තුළ පවතින සියලුම බලපත්‍රලත් සුරාසැල් ලබන 21 හා 22 දිනවලත් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.