වාද්දුව වෙරළ තීරයේ අඩි 12ක් දිග දැවැන්ත කිඹුලෙක්

වාද්දුව වෙරළ තීරයේ අඩි 12ක් දිග දැවැන්ත කිඹුලෙක්

අඩි 12 කට ආසන්න දිගකින් යුත් කිඹුලෙක් ඊයේ (07) පස්වරුවේ වාද්දුව මුහුදු වෙරල ආසන්න මුහුදේ සැරිසරන බවට තොරතුරු වාර්තා විය.

මේ හේතුවෙන් වෙරළ ආසන්නයේ ජනතාව මෙන්ම ධීවර ප්‍රජාවද තරමක බියකින් පසුවන බවත් ඔවුන් ධීවර කටයුතු වලින් ඈත්ව සිටින බවත් වාර්තාවේ.

වාද්දුව, මොල්ලිගොඩ, තල්පිටිය සහ පින්වත්ත වෙරළ ආසන්නයේ කිඹුලා ගැවසෙන අයුරු වෙරළ ආසන්නයේ ජනතාව දැක තිබේ.

වනජීවි නිළධාරීන් දැනුවත් කර ඇති බවත් වෙරලේ අනාරක්ෂිතව හැසිරීමෙන් වලකින ලෙසත් වාද්දුව පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

Share This