අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්නගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්නගේ අවසන් කටයුතු අද

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (20) සිදුකිරීමට නියමිතයි.

ආගමික නායකයින්, දේශපාලන නායකයින්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මොරටුවේ පිහිටි සර්වෝදය මූලස්ථානයට ඊයේ පැමිණියේ ය.

පසුගිය අඟහරුවාදා අභාවප්‍රාප්ත වන විට ඒ.ටී. ආරියරත්න මහතා 92 වන වියේ පසු විය.

1931 දී ගාල්ල උණවටුනේ උපත ලද ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය උණවටුන බොනවිස්ටා විද්‍යාලයෙන් ද, ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද ලැබීය.

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ආරම්භ කරන ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් පළමු සර්වෝදය ශ්‍රමදාන කඳවුර පවත්වන්නේ නාලන්ද විද්‍යාලයේ සිසුන් 40ක් සහ ගුරුවරුන් 12 දෙනෙකු එකතු කරගනිමින්.

1958 ආරම්භ කරන ලද සර්වෝදය ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරය ලෙස හඳුන්වයි.

Share This