පස් කන්දක් කඩා වැටී හැටන් කොළඹ මාර්ගය සම්පුර්ණයෙන් වැසෙයි

පස් කන්දක් කඩා වැටී හැටන් කොළඹ මාර්ගය සම්පුර්ණයෙන් වැසෙයි

හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු විශාල ගසක් සහ පස් කන්ද කපා ඉවත් කිරිමේ කටයුතු නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් (08) දින උදැසන ආරම්භ කර ඇත.

ගිනිගත්හේන ප්‍රදේශයට (07) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග රාත්‍රි 7.45 ට පමණ ගිනිගත්හේන දියගල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල මාර ගසක් සහ පස් කන්දක් කඩා වැටි තිබුණි.

එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිටිම නිසා කොළඹ සිට හැටන් දක්වා ධාවනය කරන සියළුම වාහන කළුගල , ලක්ෂපාන , නෝටන්බ්‍රිජ් හරහා හැටන් දක්වාත් , මහනුවර සිට හැටන් දක්වා ධාවනය කරන සියළුම වාහන නාවලපිටිය තලවකැලේ මාර්ගයේ ධාවනය කරවිමට ගිනිගත්හේන පොලිසිය පියවර ගෙන තිබුණි.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය ගිනිගත්හේන දියගල ප්‍රදේශයෙන් ඇණ හිටිම නිසා (08) දින උදැසන හැටන් ප්‍රදේශයේ පිහිටි පාසල් වෙත පැමිණෙන ළමුන් , රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් මෙන්ම මගි ජනතාව දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු විශාල ගස සහ පස් කන්ද කපා ඉවත් කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබුණද එම මාර්ගය යථා තත්ත්වයට පත් කිරිමට තවත් පැය කිහිපයක් ගත වන නිසා විකල්ප මාර්ග ඔස්සේ රථ වාහන ධාවනය කරවන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Share This