දඹුල්ලට දඩමස් බෙදූ අවන්හලක් වටලයි – මස් කිලෝ174ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

දඹුල්ලට දඩමස් බෙදූ අවන්හලක් වටලයි – මස් කිලෝ174ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

සිගිරිය වනජිවි කාර්යාලයට ලැබුණු අවේක්ෂන නිලධාරින්ගේ බුද්ධි තොරතුරක් පදනම් කරගෙන ඊයේ (17) දහවල් සිදුකල වැටලිමකදි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල අවන්හලක් තුළ තිබූ දඩමස් කිලෝ174ක් සොයාගැනිමට වනජිවි නිලධාරින් සමත් වි තිබේ.

දඹුල්ල නගරයට එන දෙස් විදෙස් පුද්ගලයන් ඉලක්ක කරගෙන කලක් තිසේ මෙම අවන්හලේ දඩමස් විකිණිම සිදුකරන බවට වනජිවි නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත සිගිරිය වනජිවි නිලධාරින් මෙම වැටලිම සිදුකොට ඇත.

දෙස් විදෙස් මත්වතුර විකුණුම් පොළක් සමග පවත්වාගෙන ගිය මෙම අවන්හලේ අධිශිතකරණයක තැන්පත් කර තිබු කැලැ සතුන්ගේ දඩ මස් අතර

01. ගෝන මස් 113 kg
02 . මුව මස් 30 kg
03. වල් උරුමස් 31 kg
04. අධි ශීතකරණ 01 සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්බව සිගිරිය වනජිවි කාර්යාලය පවසයි.

සිගිරිය හබරණ දිගම්පත හා රිදිඇල්ල ප්‍රදේශවල රක්ෂිත වනාන්තර වල සිදුවන දඩමස් ජාවාරම කලක සිට සිදුවන බවත්, වන රක්ෂණ නිලධාරින් සීමිත සම්පත් භාවිතා කරමින් වැටලීම් සිදුකල ද දඩයක්කරුවන් ඉතා සුක්ෂම අයුරින් කැලැ සතුන් මරා නගරයට ගෙනවිත් හොටෙල් හා බාර් ආශ්‍රිතව විකිණිම සිදුකරන බව පැවසේ.

මෙම දඩ මස් ජාවාරම පිලිබදව වැඩිදුර පරික්ෂණ සිදුකරන අතර අත්අඩංගුවට ගත් ‌සැකකරුවන් හා දඩමස් අද (18) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මහින්ද උදයසිරි – දඹුල්ල