පාඨලීගෙන් අනාවැකියක්

පාඨලීගෙන් අනාවැකියක්

මීළඟ මැතිවරණයෙන් පවතින රජය අනිවාර්යයෙන්ම වෙනස් වන බව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ජනතාව ක්ෂේත්‍ර රැසකින් පීඩනයට පත්ව සිටින අවස්ථාවක වත්මන් රජයට ජනතා අප්‍රසාදය එල්ල වී තිබෙන බව මන්ත්‍රීවරයා පවසයි.

වර්තමානයේ දී පොදුජන පෙරමුණට පක්ෂපාත පිරිස සියයට 9 ක් පමණක් නමුත් පාර්ලිමේන්තුවේ සියයට 51 ක බලයක් ඔවුන් සතු බව කී මන්ත්‍රීවරයා එය සාධාරණ නොවන බව සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයේදී වත්මන් රජය අනිවාර්යයෙන්ම පරාජය වන බව රණවක මහතා අවධාරණය කරයි.

Share This