ඇල්ජින් ඔයේ ගිලී අතුරුදහන් වූ තරුණයාගේ සිරුර සොයාගැනේ

ඇල්ජින් ඔයේ ගිලී අතුරුදහන් වූ තරුණයාගේ සිරුර සොයාගැනේ

ලිදුල පොලිස් වසමට අයත් වෝල්ට්‍රිම් වතුයායේ රක්ෂිතයේ දර කැඩිමට ගිය තරුණයෙක් ඊයේ (27) තලවකැලේ කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා ඇල්ජින් ඔයේ දිය නැමට ගොස් අතුරුදහන්ව සිටි බවත් අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර දිය නාමින් සිටි ස්ථානයේ වලක තිබී ගොඩ ගත් බවත් ලිදුල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිසිර කුමාර මහතා පැවසිය.

ඇල්ජින් ඔයේ ගැඹුරු වලක තිබී මෙසේ ගොඩ ගනු ලැබුවේ, ලිදුල පොලිස් වසමට අයත් සෙන්කුමිස් වතුයායේ පහල කොටසේ පදිංචිව සිටි ප්‍රභාකරන් ගජේන්ද්‍රන් නැමැති (20) හැවිරිදි තරුණයෙකි.

ඇල්ජින් ඔයේ දිය නැමට ගොස් අතුරුදහන් වු තරුණයා එම වතු යායේම පදිංචි තවත් තරුණයන් දෙදෙනෙකු සමග වෝල්ට්‍රිම් වතුයායට අයත් රක්ෂිතයේ දර කැඩිමට ගොස් ඇති බවත් එම අවස්ථාවේ ඇල්ජින් ඔයේ තවත් තරුණයන් පිරිසක් දිය නාමින් සිටියදි එම තරුණයාද දිය නැමට ඔයට බැස පිහිනමින් සිටි අවස්ථාවේ තරුණයා ඔයේ ගිලි අතුරුදහන් වී ඇති බවත්, මෙම සිද්ධිය ඊයේ (27) දින පස්වරු 2ට පමණ අතුරුදහන් වී ඇති බවයි ලිදුල පොලිසිය විසින් සිදුකරන ලද මුලික විමර්ෂණයේදි අනාවරණය වී ඇත්තේ.

අතුරුදහන් වූ තරුණයාගේ සිරුර ප්‍රදේශවාසින් සහ ලිදුල පොලිසිය මෙහෙයුමක් දියත් කර ගොඩ ගෙන ඇත.

ගොඩ ගත් සිරුර පස්චාත් මරණ පරික්ෂණය සදහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රොහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.