පාසල් ළමුන් ප්‍රවාහන රථ සඳහා පොලිසියෙන් ස්ටිකරයක්

පාසල් ළමුන් ප්‍රවාහන රථ සඳහා පොලිසියෙන් ස්ටිකරයක්

හැටන් ප්‍රදේශයේ රජයේ සහ ජාත්‍යන්තර පාසල් වලට ළමුන් ප්‍රවාහනය කරන බස් රථ , වෑන් රථ සහ ත්‍රිරෝද රථ රියදුරන්ට එම වාහන වල ඇලවිම සදහා ස්ටිකරයක් නිකුත් කිරිම (14) දින හැටන් කොට්ඨාශ භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් පොලිස් ක්‍රිඩාංගණයේදි පැවැත්විණ.

යුක්තියේ මෙහෙයුමට සමගාමිව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප චිරාජ් කුලසුරිය මහතා ඇතුළු රථ වාහන අංශයේ නිලධාරින් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

හැටන් පොලිස් බල ප්‍රදේශයේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන 21 ක රියදුරන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වි නොමැති බවට එම වාහන වල රියදුරන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරියගෙන් වාර්තාවක් ලබාගෙන එම වාර්තාව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම වාර්තාව ලබාගත් රියදුරන් පාසල් ළමුන් ප්‍රවාහනය කිරිම සදහා සුදුසු රියදුරෙකු බවට නිර්දේශ කරන ස්ටිකරයක් එම වාහන වල අලවනු ලැබුහ.

Share This