මාලිංගට නව තනතුරක්

මාලිංගට නව තනතුරක්

ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස් නිව්යෝර්ක් (MI New York) කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුණුකරු තනතුර හිමිව තිබේ.

එම කණ්ඩායම ඇමෙරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් (Major League Cricket -MLC) තරගාවලිය සඳහා සුදානම් කිරීමේ අරමුණෙන් මෙම තනතුර ලබා දී ති‌බේ.

MLC තරගාවලිය එළඹෙන ජූලී 13 වන දින ආරම්භ වීමට නියමිතයි.

Share This