වසා දමා තිබූ ඌව වෙල්ලස්ස සරසවිය අද යළි ඇරඹෙයි.

වසා දමා තිබූ ඌව වෙල්ලස්ස සරසවිය අද යළි ඇරඹෙයි.

දින නියමයක් නොමැතිව වසා දමා තිබූ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2වන වසර සියලුම පීඨවල අධ්‍යයන කටයුතු යළි අද (28දා) සිට ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2 සහ 3 වසර පීඨවල සරසවි සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වයක් හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2 සහ 3 වසර සියලුම පීඨවල සරසවි සිසුන්ට පසුගිය ජූලි මස 18 වන දින සිට විශ්වවිද්‍යාල භූමිය තහනම් කලාපයක් කරමින් නැවත දැනුම් දෙන තුරු නිවාඩු ලබා දීමට විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පියවර ගෙන තිබිණ .

මේ අනුව යළි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2 වසර සියලුම පීඨවල අධ්‍යායන කටයුතු යලි අද (28) ආරම්භ කරන බව පවසන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා එම සිසුන් සදහා යලි සැප්තැම්බර් මස 2 වන දින සිට සති දෙකක කාලයක් පූර්ව විභාග අධ්‍යයන නිවාඩු ලබා දෙන බවද සදහන් කළේය .

එම සිසුන්ගේ විභාගය සැප්තැම්බර් මස 18 වන දින ආරම්භ වීමට නියමිතව ඇතැයි උපකුලපතිවරයා පැවසීය .

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පළමු, තෙවන සහ සිව්වන වසර සියලුම පීඨවල අධ්‍යායන කටයුතු දැනට සාමාන්‍ය පරදි පැවත්වෙන බවද ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වැඩිදුරටත් පැවසූහ.

 

Share This