දවසේ ලග්න පලාපල – 2024 ජනවාරි මස 16 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2024 ජනවාරි මස 16 වන අඟහරුවාදා

රාහු කාලය
3:17 pm – 4:45 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

 

Qries

මේෂ

ක්‍රියාශීලී දිනකි. රාජකාරි ස්ථානවල ක්‍රියාකාරකම් බහුල වෙයි. සේවක සේවිකාවන් අවනත කර ක්‍රියා කිරීමට හැකි වෙයි. ධනය කැප කරන කටයුතුවලින් ජය දෙයි. ප්‍රසාදය දිනයි. ශිරෝ රෝග මතු කරයි.

Date: 2024-01-16

ජය අංකය: 05
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවන අතර අවිවේකී බැවින් අතපසු වීමට ඉඩ තිබේ. දුරදිග බලා ක්‍රියාකළ යුතුයි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. තරමට වඩා විය පැහැදම් සුදුසු නොවේ. සෙම් රෝග බහුල වෙයි.

Date: 2024-01-16

ජය අංකය: 07
ශුභ වර්ණය: අළු පැහැය
Qries

මිථුන

කෙටි ගමන් බිමන් වුවද වියපැහැදම් ඇති වෙයි. අනවශ්‍ය දේවල් සඳහා වැය කිරීමට ඉඩ තිබේ. රැවටිලිවලට හසුවන බැවින් දුරදිග බලා දවස ක්‍රියාකිරීම ශුභයි. භූමි සම්පත් ලාභ ද ලබන දිනකි. වාතාධික රෝග මතු කරන දිනකි.

Date: 2024-01-16

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ශුභාශුභ ඵලදෙයි. රාජකාරි බහුල වෙයි. අවිවේකී නිසා ම තම අවශ්‍යතා කැපකිරීමට සිදුවෙයි. අන් අයගේ මුසාබස්වලට රැවටී ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. බුද්ධිය මෙහෙයවා ක්‍රියාකළ යුතුයි. මුත්‍රා ආසාදන මතුකරයි.

Date: 2024-01-16

ජය අංකය: 04
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

ක්‍රියාකාරී දිනකි. වෙළෙඳ ව්‍යාපාරවලට තිබූ බාධා ඉවත්කර ගැනීමේ ශක්තිය ඇතිවෙයි. පොළොවෙන් ලබන ලාභ ලැබීම් ඇතිවෙයි. විදෙස් ගමන් සඳහා යොමුවීමට අවශ්‍ය ක්‍රියාකිරීම ශුභයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුවෙයි.

Date: 2024-01-16

ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
Qries

කන්‍යා

ක්‍රියාකාරකම් බහුලයි. අවිවේකී බැවින් අතපසුවීම් ඇතිවෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතුයි. තම අඩුපාඩු විවේචනයට හේතු බැවින් බුද්ධිමත් විය යුතුයි. හදිසි ධන ලාභද ලබයි. සෙම් කෝප රෝග මතු කරයි.

Date: 2024-01-16

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ක්‍රියාකාරී දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් මතු වෙයි. තමන් විවේචනයට ලක්වෙයි. දුරදිගබලා තීන්දු තීරණ ගැනීම මැනවි. ගමන් බිමන් යෙදේ. ඉතා ප්‍රවේශමෙන් ක්‍රියාකළ යුතුයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

Date: 2024-01-16

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ඍජුගුණයෙන් ක්‍රියාකරයි. ඇසුරු කරන්නන් අතර මතවාද පැන නඟී. අපක්‍ෂපාතීව තීරණ ගතයුතු දිනකි. බන්ධු වර්ගයා උදෙසා තරමක් වැයපස ඉහළ යයි. ඉවසීම මැනවි. උදරාබාධ මූල රෝග මතුවේ.

Date: 2024-01-16

ජය අංකය: 09
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ආගමික උත්සවවලට සහභාගි වීමට හේතුයි. පොදු උත්සවවලට ද යොමු වෙයි. මනසට සුවයක් දැනේ. ප්‍රීති සාදවලට ද යොමුවෙයි. සිරසගත රෝග වලට ද හේතුයි.

Date: 2024-01-16

ජය අංකය: 07
ශුභ වර්ණය: තදකහ
Qries

මකර

ශුභවාදීව සිතා කටයුතු කරන දිනකි. තම ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප වෙයි. ආගමික වතාවන් පුද පූජාවල නිරතවන දිනකි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි ද යෙදෙන දිනකි. පෙණහලු ආශ්‍රිත රෝගවලට හේතුයි.

Date: 2024-01-16

ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ශුභවාදී ඵලදෙයි. ප්‍රීති සාදවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. තම ඥාතී මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. වැයපස අධික දිනකි. තරමක් සිත් චංචල කරවන ප්‍රශ්න ද පවතී. මුත්‍රා රෝග සාදයි.

Date: 2024-01-16

ජය අංකය: 01
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභඵල මතු කරයි. ප්‍රීති සාදවලට සහභාගි වෙයි. ආගමික වතාවන් ගරු කරන අතර ආගමික උත්සවවලට සහභාගී වෙයි. නවක මිතුදම් ඇති වෙයි. තම ආර්ථිකය දියුණුවට පත්වෙයි. ආමාශගත රෝග සාදයි.

Date: 2024-01-16

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි
Share This