උසස් පෙළ අයදුම්පත් භාර ගැනිම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

උසස් පෙළ අයදුම්පත් භාර ගැනිම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (28) මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වේ.

විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කළ හැකි බවයි , විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර ,සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන මස 18 වැනිදා ආරම්භ කෙරේ.

ලබන මස 27 වැනිදා දක්වා එය ක්‍රියාත්මක වේ.

මධ්‍යස්ථාන 110 ක ක්‍රියාත්මක සාමාන්‍ය පෙළ ඇගයීම් සඳහා සහභාගි වන ගුරුවරුන් සංඛ්‍යාව 29750 කට අධික බවයි විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලසිත් සමරකෝන් මහතා ප්‍රකාශ කළේ.