ඉංජිනේරු සංස්ථාවේ සභාපතිව කාර්යාලයේ හිර කරයි

ඉංජිනේරු සංස්ථාවේ සභාපතිව කාර්යාලයේ හිර කරයි

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩබිම් සේවකයන් එහි සභාපතිවරයා කාර්යාලය තුළ ග්‍රහණයට නතුකරගෙන ඇති බව කොළඹ 2, පිහිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයෙක් පැවසීය.

සේවකයෝ සභාපතිවරයාගේ කාර්යලය වටකර ඔහුට පිටව යෑමට නොදී දොරටුව ඉදිරිපිට බිම වාඩි වී සිටින බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවයකයන්ට ජූනි මස වැටුපේ කොටසක් මේ දක්වා නොගෙවීම මෙම තත්වයට ආසන්නම හේතුව බව ද ඔහු සඳහන් කළේය.