මාදම්පේ – තිණිපිටිය වැවේ තරුණයෙකුගේ මළ සිරුරක්

මාදම්පේ – තිණිපිටිය වැවේ තරුණයෙකුගේ මළ සිරුරක්

මාදම්පේ – තිණිපිටිය වැවේ තිබී දින 05 කට පමණ පෙර මිය ගිය බවට සැකකරන අයෙකුගේ සිරුරක් ඊයේ (17) සවස හමුවී ඇති බව මාදම්පේ පොලීසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, මාදම්පේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ තාවකාලිකව පදිංචිව සිටි වයස අවුරුදු 26ක තරුණයෙකු බවට හදුනා ගෙන ඇත.

අවිවාහකයෙකු වන මිය ගිය අයගේ ඥාතීන් පිළිබදව කිසිවක් නොදන්නා බව ප්‍රදේශවාසීන් පොලීසියට පවසා ඇත.

17 වැනිදා සවස තිණිපිටිය වැවේ මසුන් මැරීම සදහා ගිය අයෙකු වැවේ ජපන් ජබර ගාලක් තුළ තිබූ සිරුර මුලින්ම දැක ඇත. පසුව මේ බව පොලීසියට දැණුම් දීමට ඔහු කටයුතු කර ඇත.

පසුව පොලිස් නිලධාරීන් පැමිණ විමර්ශණ කටයුතු සිදු කර තිබේ.

හලාවත කොට්ඨාස අපරාධ නිරීක්ෂණ ඒකකයේ නිලධාරීන්ද පැමිණ විමර්ශණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හලාවත මහා රෝහල වෙත රැගෙන ගොස් ඇත.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

Share This