සහෝදරයන් සමග දඩයමේ ගිය 14 හැවිරිදි ළමයෙකු වෙඩි වැදී මරුට

සහෝදරයන් සමග දඩයමේ ගිය 14 හැවිරිදි ළමයෙකු වෙඩි වැදී මරුට

වාකරේ කට්ටමුරි කලෑ ප්‍රදේශයේදී බෙහෙත් කොටන තුවක්කුවක් පත්තුවීමෙන් ඊයේ (27) දහවල් කාලයේදී ළමයෙකු මියගොස් ඇතැයි වාකරේ පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, වාකරේ සින්නතට්ටමුන ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පිරිමි ළමයෙක්.

ඔහු වැඩිමහල් සහෝදරයා හා සහෝදරියන්ගේ ස්වාමිපුරුෂයන් දෙදෙනා සමග සතුන් දඩයම් කිරීමට පෙරේදා (26) රාත්‍රී කැලෑවට ගොස් තිබේ.

එහිදී ඔවුන් රැගෙන ගිය ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහුත් සමග දඩයමේ ගිය අවුරුදු 24, 28 සහ 32 යන වයස්වල පසුවන සැකකරුවන් තිදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබූ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කු දෙකක්ද පොලීසිය බාරයට ගෙන තිබේ.