දවසේ ලග්න පලාපල – 2023 ඔක්තෝබර් මස 02 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2023 ඔක්තෝබර් මස 02 වන සඳුදා

රාහු කාලය
7:28 am – 8:58 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

Qries

මේෂ

ක්‍රියාකාරකම් බහුලයි. රාජකාරිවලදී ප්‍රවේශමෙන් ක්‍රියා කළ යුතුය. අතපසුවීම් මත විවේචනයට හේතු ඇති කරයි. විය පැහැදම් අධික වන අතර ප්‍රවේශමෙන් ගනුදෙනු කළ යුතුය. උෂ්ණ රෝග, සෙම් රෝග මතු වේ.

Date: 2023-10-02

ජය අංකය: 05
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

අවිවේකී බව මත ක්‍රියා කරයි. විවේචනයට තුඩුදෙන ක්‍රියාවන් යෙදෙන බැවින් දුරදිග බලා ක්‍රියා කළ යුතුය. තීරණ ගැනීමේදී ද බුද්ධිමත් විය යුතුය. තරමක් වැයපස ඉහළ යයි. සෙම් රෝග බහුල වෙයි.

Date: 2023-10-02

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම් පැහැය
Qries

මිථුන

දවසේ ක්‍රියාකාරකම්වලදී ප්‍රදානත්වය හිමි වෙයි. තවද රාජකාරි කටයුතු සඳහා වැඩි උනන්දුවක් දක්වයි. අනුන්ගේ අවශ්‍යතා මතද වෙහෙසන දිනකි. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. මුත්‍රා ආසාදන ඇති වේ.

Date: 2023-10-02

ජය අංකය: 03
ශුභ වර්ණය: තද තැඹිලි
Qries

කටක

කලබලකාරී දිනකි. අසල් වැසි සබඳතා ගොඩනැඟෙන ක්‍රියා යෙදේ. ලිපි ලේඛන කලාවෙන් ජය ගෙන දෙයි. මංගල උත්සව ප්‍රීති සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදෙන දිනකි. සිරස ගත රෝග උෂ්ණ රෝග මතු වේ.

Date: 2023-10-02

ජය අංකය: 04
ශුභ වර්ණය: ලා කොළ
Qries

සිංහ

හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප කරවයි. නිවස තුළ ක්‍රියාකාරකම්වල යෙදෙන අතර වාතාධික රෝග, ඉදිමුම් රෝගාදියට හේතුයි. ප්‍රීති සාද වැනි දේවලට හේතුයි.

Date: 2023-10-02

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා නිල්
Qries

කන්‍යා

ශුභාශුභ ගමන් යෙදීම මත අවිවේකයද වැය පසද ඉහළ යයි. නවක මිතුදම් ඇති වෙයි. අනුන් විශ්වාසය තබා වැඩකටයුතුවල යෙදීම ශුභවාදී නොවේ. සෙම් කෝප රෝග, පෙනහලු ආසදනවලට හේතු වේ. විනෝද ක්‍රියාවන්හිදී යෙදේ.

Date: 2023-10-02

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ශුභාශුභ ඵල දෙයි. තම ව්‍යාපාරික කටයුතුවල තත්ත්වය පහත වැටේ. තරමක් සොර සතුරුකම්වලට ද හසුවේ. තම අරමුණු බාධා ගෙන දෙයි. මෞත්‍ර ලිංගික, ස්නායු රෝග මතු කරයි. හදිසි ධන වාසනා ලාභ ද ලබන දිනකි.

Date: 2023-10-02

ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

තරමක් ක්‍රියාශීලී දිනකි. තම ව්‍යාපාරවල තරමක් පහත වැටීමක් පෙන්වයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වෙයි. සිත් චංචල කරවයි. ආහාර විෂවීමේ රෝගවලට හේතුයි. බුද්ධිමත්ව ක්‍රියාකර තමනට ජයගත හැක.

Date: 2023-10-02

ජය අංකය: 02
ශුභ වර්ණය: රතු
Qries

ධනු

දහමට යොමුව ක්‍රියා කරන අතර ඉතා ක්‍රියාශීලීව කටයුතුවල යෙදේ. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමුවන අතර තම ඥාතීන්ද දහමට යොමු කරයි. තරමක් මිල මුදල් වැය වෙයි. ශ්වසන පද්දතියේ රෝග මතු කරයි.

Date: 2023-10-02

ජය අංකය: 01
ශුභ වර්ණය: කහ
Qries

මකර

ක්‍රියාකාරකම් බහුල වෙයි. දාන ශීලාදී ගුණ ධර්මවල ද යෙදේ. පරෝපකාරීව ක්‍රියාකරන අතර ආගමික උත්සව සංවිධානයට හේතුයි. අමතර ලාභ ගෙන දෙන අතර සංසුන් මතයකි. සන්ධි රෝග මතු කරයි.

Date: 2023-10-02

ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

සැහැල්ලු මනසින් දවස ගෙවයි. දාන ශිලාදී ගුණ ධර්මවල යෙදේ. ඇසුරු කරන්නන් දමට යොමු කරවයි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදෙන අතර සහන සිතුවිලි ඇති දිනකි. වාත රෝග සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

Date: 2023-10-02

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

මීන

ආධ්‍යාත්මික ගුණ වගාවල යෙදෙන දහමට අනුව ක්‍රියා කරන දිනකි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවයි. ආගමික උත්සව ද සංවිධානය කරයි. සන්සුන් මනසින් දවස ගෙවයි. ඉදිමුම් රෝග, සන්ධි රෝග මතු කරයි.

Date: 2023-10-02

ජය අංකය: 09
ශුභ වර්ණය: රන්වන්
Share This