විදෙස් සංචාරකයන් දෙදෙනෙක් ගිය මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි

විදෙස් සංචාරකයන් දෙදෙනෙක් ගිය මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි

බෙලිඅත්ත සිට මහව හංදිය බලා ධාවනය වන රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියට මිදිගම දුම්රිය හරස් මාර්ගයේ දී උදෑසන 11 ට පමණ මෝටර් රථයක් ගැටී තිබේ.

අනතුර සිදුවන අවස්ථාව වන විට එම මෝටර් රථය තුල විදේශීය සංචාරකයන් දෙදෙනෙකු ගමන් කොට ඇති අතර අනතුර හේතුවෙන් එහි සිටි දේශීය මඟ පෙන්වන්නා සහ එක් විදේශීය සංචාරකයෙකු ඇතුලු දෙදෙනෙකු රෝහල් ගත කොට ඇත.

දුම්රිය ඉදිරියට යාම සඳහා සංඥා ලබා දී තිබිය දී , හා දුම්රිය හරස් මාර්ගයේ බෙල් ඇන්ට් ලයිට් සංඥා ක්‍රියාත්මකව තිබිය දී මෝටර් රථය අනාරක්ෂිත ලෙස ගමන් කිරීම නිසා මෙම අනතුර සිදුව ඇත.

Share This