හිමිනමක් වෙඩි තබා ඝාතනය කෙරේ

හිමිනමක් වෙඩි තබා ඝාතනය කෙරේ

මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් මල්වතුහිරිපිටිය පොලිස් වසමේ කහටාන ගණාරාම මහා විහාරස්ථානය තුළදී හිමිනමකට වෙඩිතබා ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ, ගණාරාම මහා විහාරස්ථානයේ වැඩවිසූ කලපලුවාවේ ධම්මරතන නම් 45 හැවිරිදි හිමිනමකි.

ටී 56 ගිනි අවියක් යොදාගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ හිමි නම ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත් වූ බව මල්වතුහිරිපිටිය පොලිසිය සඳහන් කළේය.

හොන්ඩා වර්ගයේ (CAO-5345) දම් පැහැති මෝටර් රථයකින් විහාරස්ථානය පැමිණි වෙඩික්කරුවන් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.

මෙම වෙඩික්කරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි සඳහන් කරමින්, මත්ද්‍රව්‍ය ඇත්දැයි හිමිනමව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි, මේ වන විට අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත්, වෙඩි තැබීම මෙය කුමන හේතුවක් මත සිදුවූයේද යන්න පිළිබදව පොලිසිය මේවන විට පරීක්ෂණ පවත්වමින් සිටියි.