ටිකිරි මැණිකේගේ හැපුණු තරුණයෙකුට බරපතල තුවාල

ටිකිරි මැණිකේගේ හැපුණු තරුණයෙකුට බරපතල තුවාල

කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වු ටිකිරි මැණිකේ දුම්රියේ ගැටී තරුණයෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

දුම්රිය ගැටිමෙන් තුවාල ලබා ඇත්තේ නාවලපිටිය ලබුවැල්කොටුව ප්‍රදේශයේ පදිංචි අවු 21 හැවිරිදි තරුණයෙකි.

තුවාලකරු නාවලපිටිය ප්‍රදේශයේ සිට දුම්රිය මාර්ගය ඔස්සේ සිය නිවස කරා ගමන් කරමින් සිටියදි (17) දින පස්වරු 6.45 ට පමණ නාවලපිටිය ජයසුරන්දරඕවිට ප්‍රදේශයේදි ධාවනය වෙමින් තිබු දුම්රියේ ගැටි බරපතල ලෙස තුවාල ලබා සිටි බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

දුම්රියේ ගැටි බරපතල ලෙස තුවාල ලැබු තරුණයා එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරින් විසින් දුම්රියෙන්ම නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් රෝහල් ගත කිරිමට සුව සැරිය ගිලන් රථය වෙත භාර දි තිබුණි.