ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ලංකාවේ සංචාරයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ලංකාවේ සංචාරයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් හෙට (11) සිට මැයි මස 23 වනදා දක්වා ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වේ.

මේ වසර තුළ සිදුකිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු ඇගයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙස ඔවුන් ලංකාවට පැමිණීමට නියමිත බව සඳහන්ය.

එම සංචාරය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා ද එක්වන බව මූල්‍ය අරමුදල නිවේදනය කර තිබේ.

Share This