ළමුන්ට නොමිලේ සත්තු වත්ත බලන්න අවස්ථාවක්

ළමුන්ට නොමිලේ සත්තු වත්ත බලන්න අවස්ථාවක්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර අසූ හතක් සපිරීම නිමිති කරගෙන දෙහිවල ජාතික සත්වෝද්‍යානය විසින් ජූලි මස 03 වන දින සිට සතියක් පුරා විශේෂ වැඩ සටහන් ගණනාවක් සංවිධානය කර තිබේ.

එදින වයස 12 න් පහල සියලු ළමුන් සදහා නොමිලේ සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලබාදෙනු ලබන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසීය.

මෙදින සතුන් සහ ඔවුන්ගේ ජීවත්වන පරිසරයන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ආකල්පමය දැනුමක් ජනතාවතුල වර්ධනය කිරීම සදහා වන වැඩසටහන් මෙන්ම ළමුන් සදහා දැනුම ලබාගත හැකි විනෝදාත්මක වැඩ සටහන් රාශියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු මහත්මිය පැවසුවාය.