සැප බස් රිය හදිසියේම ගිනිගෙන අළු වෙයි

සැප බස් රිය හදිසියේම ගිනිගෙන අළු වෙයි

යාපනයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේදී ගිනි ගැනිමෙන් බස් රථය සම්පූර්යෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

ඊස්වරන් බස් සමාගමට අයත් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයක් මෙලෙස ගිනි ගෙන ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

මෙම බස් රථය ඊයේ (29) රාත්‍රි 10.30 ට පමණ යාපනයෙන් ගමන් ආරම්භ කර කොළඹ බලා ගමන් ගනිමින් තිබියදී මෙම ගිනි ගැනිම සිදුව ඇති බව පොලිසිය කියයි.

බස් රථය ගිනි ගැනිමට ලක්වන අවස්ථාවේ එහි සියලුම ආසන මගීන්ගෙන් පිරි තිබූ බවත් ගිනි ගැනීමෙන් මගීන් කිප දෙනෙකුගේ ගමන් මළු ගිනිගෙන තිබූ නමුත් කිසිවකුටත් හානියක් සිදුවී නොමැති බවත් පොලිසිය පවසයි.

බස් රථය ගිනි ගැනීම සැලවීමත් සමග පුත්තලම නගර සභා ගිනි නිවිමේ ඒකකය හා පාලවිය ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකක පැමිණ ගින්න පාලනය කර තිබුනද ඒ වනවිටත් බස් රථය සම්පුර්ණයෙන් ගිනි ගෙන අවසන්ව තිබු බව කියයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොමැති අතර මදුරන්කුලිය පොලිසිය සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.