ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන එක්දින තරඟය අද

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන එක්දින තරඟය අද

සංචාරක සිම්බාබ්වේ පිල හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගය අද පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් පෙරේදා රාත්‍රියේ අතහැර දැමීමට සිදුවූ හෙයින් අද තරගය දෙපිලටම වැදගත් වී තිබේ.

කෙසේ වුව ද පළමු තරගයේදී ශ්‍රී ලංකා පිල වැඩි වාසි අත්කරගෙන තිබියදී තරගය නතර වූ බැවින් මේ දෙවැනි තරගයේදී ඉහළ මානසිකත්වයකින් තරගයට පිවිසීමේ හැකියාව පවතී.