කොලිවුඩ් සුපිරි නළු විජෙයිගේ දියණිය සියදිවි නසාගනී

කොලිවුඩ් සුපිරි නළු විජෙයිගේ දියණිය සියදිවි නසාගනී

කොලිවුඩ් සිනමාවේ සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ නළුවෙක් වන විජෙයි ඇන්ටනිගේ දියණිය සියදිවි හානි කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

16 හැවිරිදි වියෙහි පසු වූ ඇය චෙන්නෙයි ආල්වාර්පේට්ටෙයි පිහිටි නිවසේ දී සිය ගෙලවැලලාගෙන ඇත.

මීරා විජෙයි ඇන්ටනි වන ඇය 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය

ඇය ඊයේ (18) අලුයම තුනට පමණ විදුලි පංකාවේ එල්ලී ඇති බව වාර්තා වෙයි.

අනතුරුව ඇයව රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඇය මිය ගොස් සිට ඇත.

එම අවස්ථාවේ දී විජෙයි ඇන්ටනි නිවසේ නොසිටි බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පසුගිය දිනවල මීරා දැඩි මානසික පීඩනයකින් කටයුතු කළ බවද මේ වන විට ඉන්දීය මාධ්‍ය අනාවරණය කරගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ආල්වාර්පේට්ටෙයි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් සිනමා ක්ෂේත්‍රය දැඩි ලෙස කම්පාවට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )