වයෝවෘද්ධ ගණකාධිකාරිවරයෙක් පැහැරගෙන බැංකු ගිණුමේ ලක්ෂ 15කට සුද්දයක් දීලා

වයෝවෘද්ධ ගණකාධිකාරිවරයෙක් පැහැරගෙන බැංකු ගිණුමේ ලක්ෂ 15කට සුද්දයක් දීලා

යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැත්තෑවක් පමණ වයස ගණකාධිකාරීවරයෙකු ට අයත් ඉඩමක් මිලදී ගැනීමට පැමිණි කාන්තාවක් ඇතුළු කණ්ඩායමක් එම ගණකාධිකාරීවරයා වෑන් රථයක දමා ගෙන බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඔහුගේ ගිණුමේ තිබූ රුපියල් 1,500,000 මුදලක් බලහත්කාරයෙන් එම කණ්ඩායමේ සිටි කාන්තාවගේ ගිණුමට බැර කර ගෙන ඔහු මුදා හැර පලාගොස් ඇතැයිකෝපායි පොලිසිය පවසයි.

ගණකාධිකාරීවරයා පසුව මේ බව කෝපායි පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම කණ්ඩායමට නායකත්වය දුන් බව කියන කාන්තාව හඳුනා ගෙන ඇතැයිද පොලිසිය පවසයි.

මෙම ගණකාධිකාරීවරයා ට අයත් ඉඩමක් විකිණීමට තිබෙන බව දැනගෙන කාන්තාවක් ඇතුළු කණ්ඩායමක් වෑන් රථයකින් පැමිණ පහර ගැනීම සිදු කර ඇති බව බව පොලිසිය සඳහන් කරයි.

කෝපායි පොලිසිය කාන්තාව ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.