යුපුන් අබේකෝන්ට පළමු ස්ථානය (Video)

යුපුන් අබේකෝන්ට පළමු ස්ථානය (Video)

ඉතාලියේ පැවති ”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්වී තිබේ.

ඒ අනුව, ඔහුගේ තරග කාලය දැක්වුනේ තප්පර 20.60 ක් ලෙසයි.

එම ඉසව්වේදී යුපුන් අබේකෝන් පස්වන මංතීරුවේ තරග වැදුණු අතර ආරම්භයේ සිටම සාර්ථකව ධාවනයේ යෙදුණු යුපුන් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය.

ඒ අනුව, ඔහු මේ වසරේ සහභාගි වූ පළමු ධාවන තරගයේදීම ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් 2023 තරග වාරය සඳහා සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත් විය.

Share This