මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් අද සිට යළි සේවයට

මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් අද සිට යළි සේවයට

පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් නාමයෝජනා ලබාදුන් රාජ්‍ය නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ, නාමයෝජනා භාරදී ඇති බලප්‍රදේශය තුළම රැකියාවේ නිරත වූ පුද්ගලයින් තමා සේවය කරන ආයතන ප්‍රධානියා හරහා වෙනත් ආසන්න බලප්‍රදේශයක් වෙත ස්ථාන මාරුවක් කර ගත යුතු බවය.

එසේ සේවයට වාර්තා කරන පුද්ගලයින්ට සියලු දීමනා සහිතව පූර්ණ වැටුප ලබාදීමට තීරණය කර තිබේ.

නාමයෝජනා භාරදී ඇති බලප්‍රදේශයට පරිභාහිරව සේවයේ නිරත වන තැනැත්තන්ට ගැටලුවකින් තොරව අද (09) දිනයේ සිට සේවයේ යෙදිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

 

Share This