ජුනි 15 වෙනකම් ටෙලිකොම් කොටස් විකුණන්නේ නෑ! මුදල් ලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

ජුනි 15 වෙනකම් ටෙලිකොම් කොටස් විකුණන්නේ නෑ! මුදල් ලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

ජුනි මස 15 වනදා වන තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් කොටස් විකිණීම සිදුනොකරන බවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබේ.

ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට එරෙහිව ටෙලිකොම් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු ඉදිරිපත්කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබුණි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ, මෙම කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවය.

කෙසේවෙතත් මෙම නඩුව කැදවන මීළඟ ජුනි 15 වනදා තෙක් අදාළ කොටස් පැවරීමක් නොකරන බවටත් ඔහු අධිකරණයට ප්‍රතිඥාව ලබාදුන්නේය.

පෙත්සම යළි ජුනි මස 15 වනදා සලකා බැලීම සඳහා කැඳවන ලෙසත් නියෝග කෙරිණි.

 

Share This