දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 23 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 23 වන බදාදා

රාහු කාලය
12:13 pm – 1:45 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

ශුභ ඵල දෙයි. තරමක් කලබලකාරී වාතාවරණයක් ඇතිවේ. සතුරන දමනය වෙයි. තම අරමුණු සාරථක කරගැනීමේ ශක්තිය ඇතිවෙයි. පොදු සේවා කටයුතුවල යෙදෙන අතර ඒවා සාර්ථක කරගත හැක. සනායු රෝග ද මතුකරයි.

Date: 2023-08-23
ජය අංකය: 03
ශුභ වර්ණය: දුඹුරු
Qries

වෘෂභ

ක්‍රියාකාරකම් බහුල වේ. තම අරමුණු බාධා වෙයි. රාජකාරි තරමක් අවුල්වෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතුයි. තනි තීරණ ගැනීම ශුභවාදී නොවේ. ඉඩකඩම් මිලට ගැනීමට විකිණීමට ශුභවාදී වේ. මුත්‍රා ආසාදන රෝග මතුකරයි.

Date: 2023-08-23
ජය අංකය: 05
ශුභ වර්ණය: අළු පැහැය
Qries

මිථුන

උනන්දුවෙන් ක්‍රියාකාරකම්වල යෙදේ. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. තරමක් වෙහෙසව ක්‍රියාකරයි. ගමන් බිමන් තරමක් යෙදේ. සතුරු බලපෑම් යටපත් කර ගැනීමේ ශක්තිය යෙදේ. බඩවැල් ආශ්‍රිත රෝග මතුකරයි.

Date: 2023-08-23
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

අවිවේකී බව ඇතිකරයි. රාජකාරි උනන්දුවෙන් කරයි. තම වටිනාකම ප්‍රදර්ශනය වේ. ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවෙයි. වැයපස ද ඉහළ යන අතර හදිසි ලාභ ද ලබයි. සිරසගත රෝග සාදයි.

Date: 2023-08-23
ජය අංකය: 07
ශුභ වර්ණය: රන්වන්
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. අලස ගති ඉස්මතු කරයි. ලිපි ලේඛනවල යෙදේ. සුපුරුදු ක්‍රියාවන්ගෙන් තරමක් දුරස්ථව ක්‍රියාකරයි. දහමට ලැදිව ක්‍රියාකරයි. සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි.

Date: 2023-08-23
ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් සීමා වෙයි. අලස ගති මතුවෙයි. ලිවීම් කියවීම් වැනි දේට මුල්තැන දෙයි. සිත් චංචල කරවන ප්‍රශ්න මතුවෙයි. මුඛ රෝග, නේත්‍ර රෝග මතුවෙයි.

Date: 2023-08-23
ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

තුලා

ශුභාශුභ මිශ්‍රඵල මතුවෙයි. කෙටි ගමන්වල යෙදේ. සතුරු බලපෑම් මත සිත් චංචල කරවයි. වැයපස ද ඉහළ යයි. ආර්ථික ප්‍රශ්න මතුකරයි. කලකිරීම් මත දවස ගෙවේ. ආමාශගත රෝග මතුවෙයි.

Date: 2023-08-23
ජය අංකය: 06
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ශුභාශුභ ඵල දෙයි. ගමන් බිමන් සීමා වෙයි. තරමක් වැයපස ඉහළ යන කරුණු කාරණා යෙදේ. දහමට ලැදිව ක්‍රියාකරයි. සිත් චංචල කරවන ක්‍රියා යෙදේ. සෙම් කෝප රෝග මතුවෙයි.

Date: 2023-08-23
ජය අංකය: 02
ශුභ වර්ණය: ළා රතු
Qries

ධනු

ක්‍රියාශීලී දිනකි. ආගමික පුද පූජා වතාවත් ගරු කරන අතර තම ඥාතීන් ද දහමට යොමුකරවන ක්‍රියාවන්හි යෙදේ. තරමක් මිල මුදල් වැයවන අතර හදිසි ලාභ ද සුළුවෙන් හෝ ලබයි. සෙම් බහුල රෝග මතුකරයි.

Date: 2023-08-23
ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

මකර

ශුභාශුභ ඵල ගෙනදෙන අතර ප්‍රීති උත්සව සාද වැනි දේවලට හේතුයි. පොදු සේවා සමාජ ස්ත්කාරක ක්‍රියාවන්හි යෙදේ. ආගමික වතාවත්වල ද යෙදේ. අමතර ලාභ ලබයි. ආමාශගත රෝග, බඩවැල් රෝග මතුවේ.

Date: 2023-08-23
ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ගමන් බිමන් බහුල වේ. ආගමික කටයුතුවලට මුල් තැන දී ක්‍රියාකරයි. තම ඥාතීන් සමග සුහදතාවන් මත කටයුතුවල යෙදේ. තෘප්තිමත්ව ක්‍රියාකරන දිනකි. හදිසි ලාභ ද ලබයි. වාතාධික රෝග මතුකරයි.

Date: 2023-08-23
ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

මීන

වන්දනා ගමන් වැනි දේ යෙදේ. දහමට අවතීර්ණව ක්‍රියා කරයි. විනෝදජනක ක්‍රියාවන්වල ද යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ඉහළ යයි. අමතර ලාභ ද ලබයි. හදිසි රෝග, කැපුම් කෙටුම් යෙදේ.

Date: 2023-08-23
ජය අංකය: 09
ශුභ වර්ණය: කහ

 

Share This