රුසියාවෙන් රුසියාවටම බෝම්බ ප්‍රහාරයක්

රුසියාවෙන් රුසියාවටම බෝම්බ ප්‍රහාරයක්

යුක්‍රේනයට එල්ල කිරීම සඳහා රැගෙන යමින් තිබූ බෝම්බයක් රුසියානු හමුදා විසින් රුසියාවේ Belgorod නගරයට හෙළා ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

යුක්‍රේන දේශසීමාවේ සිට කිලෝමීටර් 40 ක් පමණ දුරක පිහිටි එම නගරය ලක්ෂ 4 කට අධික පිරිසක් ජීවත් වන නගරයක් ලෙසයි සැළකෙන්නේ.

රුසියානු ගුවන් හමුදාවේ Su-34 වර්ගයේ ගුවන් යානයක් Belgorod නගරයට ඉහළින් පියාසර කරමින් සිටිය දී හදිසි මුදාහැරීමක් ලෙස එය කිරීමට සිදු වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

බිම හෙළන ලද බෝම්බය හේතුවෙන් මීටර් 40 ක පමණ ආවාටයක් නිර්මාණය වී ඇති අතර මහල් නිවාස කිහිපයකට ද හානි සිදුව තිබෙනවා.

අදාළ සිදුවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Share This