එක්ස්ප්‍රස් පර්ල් නඩුව යලි කැඳවීම අද සිංගප්පූරුවේදී

එක්ස්ප්‍රස් පර්ල් නඩුව යලි කැඳවීම අද සිංගප්පූරුවේදී

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාව පැනවූ නඩුව අද (15) යළි කැඳවීමට නියමිතයි.

අදාළ නඩුව පළමු වරට කැඳවනු ලැබුවේ සිංගප්පූරු අධිකරණයක දී පසුගිය 9 වැනිදා ය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, එරට නිතීඥ සංගමයක් නඩුවට පෙනී සිටීමට නියමිතයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා, නීතිපති දෙපාර්තමේන්තුව, සිංගප්පූරු අධිකරණයක් හමුවේ නඩු පැවරුවේ, පසුගිය 26 වැනිදා ය.

සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ 2021 වසරේ මැයි 20 වැනිදා ඇති වු ගින්නෙන් මෙරට සාගර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල විය.

මේ අතර, මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීම‍ට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය යළි ගණනය කිරිමට පියවර ගෙන ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )