විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද

විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද

2024 විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය අද (03) පස්වරුවේ පැවැත්වේ.

ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමත් සමගයි.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 08ට නිව්යෝක් හී දී ආරම්භ වීමට නියමිතය.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරගයත් අද පැවැත්වේ.

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පැපුවා නිව්ගිනියාව අතර ඊයේ (02) පැවති තරගයෙන් කඩුලු 05 ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

Share This