සනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත වෙයි

සනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාගේ මව වන බ්‍රීඩා ජයසූරිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මිය වන විට ඇය වයස අවුරුදු 80 වැනි වියේ පසුවිය.

ඇය සිය උපන් ගම වන මාතර පෞද්ගලික රෝහලකදී මිය ගොස් තිබෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් ඇමරිකාවට ගොස් සිටි සනත් ජයසූරිය එම පුවත සැලවීමත් සමඟ යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේ මෙම දුෂ්කර අවස්ථාවේදී ඔහු නැවත සිය පවුලේ අය සමඟ සිටින බවයි.

අවසන් කටයුතු ලබන බදාදා මාතරදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.